ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අරණායක පවුල් 800 කට ගෘහ උපකරණ

    ජූලි 20, 2016
    එළගිපිටිය ඇතුළු අරණායක  ප‍්‍රදේශ ගණනාවක නාය යෑමේ අවදානම නිසා කදවුරු ගත කොට සිටින පවුල් 800 කට ඇදන් හා ඇද ඇතිරිලි බෙදා දීමේ ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගියදා උස්සාපිටිය පොදු ක‍්‍රීඩාංගනයේදී සිදුකෙරිණි.
    තායිලන්තයේ ‘‘සුචී ’’ බෞද්ධ සහනසේවා පදනමේ අනුග‍්‍රාහක දායකත්වය මත මෙහිදී ප්ලාස්ටික් ඇදන් සහ  ඇද ඇතිරිලි 1,500 ක් ප‍්‍රදානය කෙරුණු අතර මෙම අවස්ථාවට එම සංවිධානයට අයත් තායිලන්තය, තායිවානය, සිංගප්පුරුව සහ ශ‍්‍රී ලංකාව යන රටවල නියෝජිතයින් රැසක්ද කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් අබේවික‍්‍රම වනසුරිය, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ යන මහත්වරුන්ද සහභාගී වුහ.
     
    මෙහි විශේෂත්වයක්  වන්නේ මෙලෙස ප‍්‍රදානය කරන ලද ඇද ඇතිරිලි ප‍්‍රතිචක‍්‍රීය කරන ලද වතුර බෝතල් 70 බැගින් යොදාගෙන නිෂ්පාදනය කරනු ලැබු ඒවා වීමයි.
     
    AP/DMU-Kegalle
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya