ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කැලිකසල පාසල තුළ ම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්

    ජූලි 27, 2016
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාසැල් පද්ධතිවලින් ජනනය වන කැලිකසල එම පාසැල් ආශ්‍රිත ව ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා සබරගමුව පළාත් සභාව මගින් විශේෂ ව්‍යෘපෘතියක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අවශ්‍ය බඳුන් ප්‍රදානය අද (27) ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයේ දී  සිදුවිය.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ දිරාපත්වන කැලි කසළ, කොම්පොස්ට් පොහොර බවට පරිවර්තනය කිරීම සඳහා භාවිතා කරන බඳුන් පළාත් සභාව මගින් පළාතේ පාසැල් පද්ධති සඳහා නොමිලේ ප්‍රදානය කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ බඳුන් 300ක් අද දින පාසැල් සඳහා ලබා දීම සිදුවිය.
     
     
    එක් බදුනක වෙළඳපොළ වටිනාකම රුපියල් 5000ක් වන අතර ඒ සඳහා සබරගමුව පළාත් සභාව දරන මුළු වියදම රුපියල් ලක්ෂ 15 කි. එමෙන්ම එම ව්‍යාපෘතිය හරහා සකස්කර ගන්නා කොම්පෝස්ට් පොහොර පළාතේ  පාසැල් පද්ධතිවල වගා කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත. එමගින් පළාතේ ප්‍රජාවට වසවිසින් තොර එලවළු හා පලතුරු නිෂ්පාදනයට අවස්ථාව සැලසේ.
     
     
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ සමස්ත පාසැල් සංඛ්‍යාව 1125 වන අතර සබරගමුව පළාත් සභාව මගින් ඉන් පාසල් 1097 පාලනය කරයි. සෙසු පාසල් 28 ජාතික පාසල් වේ.
     
     
    ඉදිරියේ දී පළාතේ සියලු පාසල් පද්ධති සඳහා මෙම බදුන් ප්‍රදානය කිරීමට නියමිතය.
     
     
    මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් බී.එම්.පී.එන්.බෙලිගම්මන, පළාත් පාලන කොමසාරිස් ඩී.ඩබ්.එස්.රාජපක්ෂ සහ රත්නපුර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ඩබ්.එස්.එන්.සමන් කුමාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya