ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවන්ට ලක්වුවන්ට ජිවනෝපාය ව්‍යාපෘතීන් 250 ක්

    අගෝස්තු 01, 2016
    ආපදා තත්වය නිසා විපතට පත් ජනතාවගේ ජිවනෝපාය නගා සිටුවීමේ ව්‍යාපෘතීන් 250 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇතැයි කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර මහතා පවසයි. 
    ඒ මහතා මෙම කරුණු දැක්වුයේ ගලිගමුව රැලිදිය හෝටලයෙදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින්ය. 
     
    විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රදේශිය ලේකම් කෙට්ඨාස 11 තුළම සිටින ආපදාවට ලක් වු පවුල් 2,720 ක් මේ සදහා දැනටමත් තෝරා ගෙන ඇත. මේ පවුල් සදහා කෘෂි ව්‍යාපෘතින් 129 ක් සත්වපාලන ව්‍යාපෘති 04 ක්  අලෙවි හා සේවා ව්‍යාපෘති 70 ක් සහ කර්මාන්ත ව්‍යාපෘති 47 ක් වශයෙන් සැලසුම් කර ඇත.
     
    මේ සදහා මුලික වශයෙන් රුපියල් මිලියන 08 කට ආසන්න මුදලක්ද දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත. මෙම ජිවනෝපාය වැඩ සටහන අතර වැඩිම ප්‍රමාණය 915 ක් වන අතර එය දෙහිඹ්විට කේන්ද්‍රව සිදු කෙරේ. එසේම අරනායක 548 ක් , බුලත්කොහුපිටිය 442 ක් , ගලිගමුව 211 ක් හා යටියන්තොට 203 ක් වශයෙන්ද අදාල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වැඩි දුරටත් අදහස් දැක්වු  සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya