එම ව්‍යාපෘතිය යටතේ මුද්දුව පිරිවෙන සඳහා රුපියල් ලක්ෂ 220ක් වටිනා නව බහු කාර්යය ගොඩනැගිලි සංකීර්ණයේ ද වැඩ ආරම්භ කරනු ලැබීය.
මෙම මුද්දුව පිරිවෙනින් කාම්බෝජය, බංගලිදේශය ඇතුළු ආසියාතික රටවල බෞද්ධ භික්ෂූන් සහ මෙරට ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව අධ්‍යාපනය හදාරයි. හේන්පිටගෙදර ඤාණසීහ මහා නාහිමියන් විසින් මෙම පිරිවෙන 1934 දී ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ඇතුළු සෙසු ආගම්වල දහම් අධ්‍යාපනය හැදෑරිම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට ද සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට පූජ්‍ය මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද, මාවෙල සුමන නාහිමිවරු සහ පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන අශෝක ජයවර්ධන, ප්‍රභාත් මහේෂ් ද අල්විස්, ඉෆ්ලාර් එම්. යෙහියා සහ සමිත ආටිගල යන මහත්වරු එක්ව සිටියහ.