ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමක් මාතර දී

    අගෝස්තු 04, 2016
    රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ. 
    එම වැඩසටහන් මාලාවේ මාතර දිස්ත්‍රික් වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    මෙහි දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා ඒ හා සම්බන්ධ නීතිය පිළිබඳව දැනුම්වත් කිරීමේ දේශනය ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් බුද්ධප්‍රිය නිගමුණි මහතා විසින් සිදු කරන ලදි. භාෂා සැලසුම් සකස් කිරීම පිළිබඳව රාජ්‍ය ආයතන සතු වගකීම පිළිබඳව දැනුම්වත් කිරීමේ දේශනය ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ භාෂා සැලසුම් තාක්ෂණික නිලධාරී ඥානි වික්‍රමසිංහ මහත්මිය විසින් සිදුකරන ලදි.
     
    මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශිය ලේකම්වරු, සහකාර ප්‍රාදේශිය ලේකම්වරු, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශිය සභා ලේකම්වරු සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya