ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඇල්පිටියේ මාර්ග රැසක් කාපට් අතුරා නවීකරණය කරයි

    අගෝස්තු 06, 2016

    ජාතික මට්ටමින් ක්‍රියාත්මක දින සියයේ සංවර්ධන වැඩසටහන යටතේ ගම් නගාසිටුවීම වෙනුවෙන් 2015 වසරෙහි වෙන් කළ මුල්‍ය ප්‍රතිපාදන අනුව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි මාර්ග රැසක් නවීකරණය කොට සංවර්ධනය කිරීම සිදු කර තිබේ.

    පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංවර්ධන කටයුතු ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි.

    ජනතා ඉල්ලීම මත ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අංක 26 ජී - ඇල්ල ග්‍රාමනිළධාරී වසමෙහි ඌරන්වල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතාඅයිතියට පත්කිරීම, අංක 26 ජී - ඇල්ල ග්‍රාමනිළධාරී වසමෙහි ඇල්ල, කොරටුව ගෙදර වත්ත පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම, අංක 27 බී - මහවෙල අභයපුර ග්‍රාමනිළධාරී වසමෙහි මහවෙල අභයපුර ඇල්ල පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම,අංක 27 බී - මහවෙල අභයපුරග්‍රාමනිළධාරී වසමෙහි නාගරගල මාවත තාර අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම,අංක 27 සී - පිටුවල උතුර ග්‍රාමනිළධාරී වසමෙහි හිඳපොත්ත පාර කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම,අංක 27  - පිටුවල බටහිර ග්‍රාමනිළධාරී වසමෙහි නාකන්ඳ ඇල පාර තාර අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම, අංක 94 - අම්බන ග්‍රාමනිළධාරී වසමෙහි මගාරක්කන්ද පාර තාර අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya