ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මිණිපේ ඇල ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 2,600 ක්

    අගෝස්තු 08, 2016
    මිණිපේ  ගොවි ජනපදයේ කෘෂිකාර්මික කටයුතුවල  නියැලෙන  ගොවි ජනතාවට ජල පහසුකම් වැඩි දියුණු කිරිමේ අරමුණින් මිනිපේ වම් ඉවුරු ඇල ප්‍රතිසංස්කරණය කිරීමට රජය  මගින් කටයුතු යොදා තිබේ.  රුපියල් මිලියන  2,600 ක මුදලක් යොදවා  ක්‍රියාත්මක කරන මෙම  ව්‍යාපෘතිය සදහා  ආසියනු සංවර්ධන  බැංකුව මගින් ඩොලර් මිලියන  25ක  ආධාර මුදලක් ලබාදී තිබේ.  ඒ අනුව  කි.මී. 74 ක දිගින් යුත් මිණිපේ ඇල   ප්‍රතිසංස්කරණය කරනුයේ වසර  තිහකට  පමණ පසුව වීමද විශේෂත්වයකි. 
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ  ස්ථාපිත කරන ලද මහවැලි ජල සුරක්ෂිතතා  ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය  දියත් කරන අතර මේ යටතේ  මිණිපේ  වම් ඉවුරු  වේල්ල  තවත් මීටර් දෙකකින් උස වැඩි කරනු ඇත.  ඒ අනුව ඊට අමතරව මිනීපේ  අමුණේ ඇති වම් ඉවුරු සොරොව්ව හා එයට යාබදව  ඇති ගේට්ටුව  ඉදිකොට විදුලිය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ. එමෙන්ම අමුණේ  උස වැඩි කර නව මඩ  සොරොව්වක් සහ දකුණු ඉවුරු ඇලට හදිසි පිටවාන් නිර්මිතයක්ද  අලුතින් ඉදිකිරිමට නියමිතය.  අමුණේ වේල්ල  උස වැඩි කිරිම තුලින්  රාත්‍රි කාලයේදී රන්ටැඹේ ජල විදුලිබලාගාරයෙන් පිටවන ජලය වැඩි ප්‍රමාණයක්  එහි රදවා තබාගෙන දිවාකාලයේදි ක්‍රමවත්ව අඛන්ඩව  මිණිපේ වම් ඇලට මුදාහැරීමට සැලසුම්කොට තිබේ. 
     
    අදියර  හතරක් යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය ගොවි ජනයාගේ කෘෂිකාර්මික කටයුතුවලට  අවම හානියක් වන ලෙස සිදු කිරීමට සැලසුම් කර ඇත.  එසේම පාරිසරික සහ ජල සුරක්ෂිතතාවයද ආරක්ෂා කර ගනිමින්  2016 අගභාගයේදී  ආරම්භ කිරිමට නියමිත මෙම ව්‍යාපෘතිය 2020දී සම්පුර්ණයෙන්ම අවසන් කිරීමට අපේකෂිතය.
     
    ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මිණිපේ  ගොවිජනපද ව්‍යාපාරයේ කෘෂිකාර්මික කටයුතු සදහා හිගයකින් තොරව  කුඹුරු හෙක්ටයාර්  7,500 කට ජලය ලබාදීමට හැකියාව ලැබෙන අතර  වස්ගමුව  ජාතික  වනෝද්‍යානයේ පිහිටි  කදුරුපිටිය කුඩා පොකුණට ජලය ලබාදී වියළි කාලයේ වන සතුන් මුහුණපාන  පාණිය ජල හිගයටද පිළියම් ලැබේ. 
     
    මෙම කරුණු අනාවරණය වුයේ  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්  උදය සෙනෙවිරත්න  මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේදී දී පැවැති මිණිපේ වම් ඉවුරු ඇල ප්‍රතිසංස්කරණය පිළිබද රාජ්‍ය නිලධාරින් හා ගොවි සංවිධාන  නියෝජිතයින් දැනුවත් කිරිමේ  වැඩමුළුවකදීය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya