ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර ඩෙංගු අවදානම ඉහළට

    අගෝස්තු 10, 2016
    මෑත ඉතිහාසයේ මහනුවරින් වාර්තාවු වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙම වසරේදී දැකගත හැකි වූ බව  ප්‍රාදේශීය ‍වසංගත රෝග වේදඥ වෛද්‍ය සමීර හේවගේ මහතා පැවසීය.
    ඒ අනුව පසුගිය ජුලි මාසයේදී  මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින්  704 ක් වාර්තා වී ඇති බව පෙන්වා දුන් ඔහු එම සංඛ්‍යාව පසුගිය මාසයේ ලංකාව පුරා ඩෙංගු රෝගය විශාල වශයෙන්  ව්‍යාප්ත වු ‍කොළඹ, ගම්පහ  දිස්ත්‍රික්ක වලට පමණක් දෙවැනි වන බවත් ඒ මහතා පැවසීය. වෛද්‍යවරයා මෙම දත්ත ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීමේදීය. 
     
    මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගර සීමාවෙන්  රෝගීන් 145ක්ද,   ගඟවට කෝරළේ 78 ක්, යටිනුවර 66 ක්, පස්බාගේ කෝරළේ 63ක්, හාරිස්පත්තුව 49ක්, පාතදුම්බර 53ක් වශයෙන්  ඩෙංගු  රෝගීන් හදුනාගෙන තිබේ.  මෙම සීග්‍ර වර්ධනය පාලනය කරගැනීම සදහා  ධුමායන කටයුතු,   ශ්‍රමදාන මගින් පරිසරය පිරිසිදු කිරීම්, කීට සමීක්ෂණ පැවැත්වීම  ඇතුළු පියවර රැසක් ගෙන ඇති බවත් එමගින්  මෙම සීඝ්‍ර ඩෙංගු වර්ධනය  පාලනය කිරීමට කටයුතු කරමින්  සිටින බවත් වෛද්‍ය සමිර හේවගේ මහතා පැවසීය.
     
    පසුගිය  මාසයේදී   විවිධ පරිශ්‍රයන් පරික්ෂා කොට   පුද්ගලයින් 690 දෙනෙකුට නිවේදන නිකුත් ‍කොට ඇති බවත්,  235 දෙනෙකුට  නඩු පවරා එයින්  230 දෙනෙකු වරදකරුවන් වු බවත් වෛද්‍යවරයා පැවැසීය.  අදාල කාලය තුළදි නිවාස 36,680ක් ද, පාසැල් 307 ක්ද,  රාජ්‍ය ආයතන  300 ක්ද ආගමික ස්ථාන  220 ක්ද,  පොදු ස්ථාන  142 ක්ද  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් පරික්ෂාවට ලක්කොට තිබේ. 
     
    ඩෙංගු මර්දන කමිටුවේ සභාපති  මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය  සරත් ඒකනායක මහතා, ලබන පාසැල් වාරය අවසන්වීමට පෙර  දිස්ත්‍රික්කයේ සියළුම පාසැල්වල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරින්ට නියම කළේය.  එසේම ‍මහනුවර  ඇසල පෙරහර පැවැත්වෙන  සමයේ  මදුරු මර්දන කටයුතු ද අඛණ්ඩව සිදුකරන ලෙසද අදාල අංශවලට ප්‍රධාන අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි. 
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya