ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මව්වරුන් 21,323 ක් වෙනුවෙන් රුපියල් මිලියන 43.2 ක්

    අගෝස්තු 11, 2016
    ගර්භනී මව්වරුන් සඳහා රුපියල් 20,000 ක පෝෂණීය ආහාර ලබා දීමේ වැඩසටහන යටතේ මසකට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මව්වරුන් 21,323 කට රුපියල් මිලියන 43.2 ක මුදලක් ආහාර සඳහා වැය කරන බව  අනාවරණය වේ.
    පසුගිය දා කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්ගේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදි  දිස්ත‍්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි  ඩබ්. ආර්.එම්.සී. සෙනෙවිරත්න මහතා මේ බව ප‍්‍රකාශ කලේය.
     
    මෙම වැඩසටහන යටතේ 2016 ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා ප‍්‍රතිලාභීන් 86,493 ක් සඳහා  රුපියල් මිලියන 172.3 ක් ආහාර සදහා වැය කර ඇත. 
     
    2016 අපේ‍්‍රල් දක්වා ක‍්‍රියාත්මක වූ කූපන් පත් ක‍්‍රමය වෙනුවට 2016 මැයි මස සිට වවුචර් පත් ක‍්‍රමය ක‍්‍රියාත්මක වන අතර මේ සඳහා අවශ්‍ය වවුචර් පත් සියල්ල  ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවා ඇති බවද මෙහිදී  ප‍්‍රකාශ විය.
     
    AP/DMU-Kurunegala 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya