ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික් මට්ටමේ ආක්‍රමණශීලි ජීවි විශේෂ පිළිබඳව දැනුවත් කිරීමක්

    අගෝස්තු 11, 2016
    දිස්ත්‍රික් මට්ටමේ ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්ම වූ අතර ජාතික මට්ටමේ ප්‍රතිපත්තියක් මත නීත්‍යානුකුල අණපනත් සැකසීම එහි මූලිකම අරමුණයි.
    මේ වන විට ලංකාව තුළ පැතිර ඇති ආක්‍රමණික ශාඛ විශේෂ සහ සත්ව විශේෂ පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුවිය. ආක්‍රමණික ජීව විශේෂයන් හඳුනා ගැනීම, ජීව විශේෂ පිළිබඳව දැනුවත් කිරීම, ජීව විශේෂයන්ගෙන් සිදුවන බලපෑම් සහ ජීව විශේෂයන් පැතිරීම වළක්වා ගැනීම මෙහි මූලිකම අරමුණ විය.  ශ්‍රී ලංකාව  ජෛව විවිධත්වය අතින් ලොව සුවීශේෂි ස්ථානයක් ගෙන ඇති අතර මිනිසුන්ගේ අධි පරිභොජනය එම ජෛව විවිධත්වයට බලපෑම් එල්ල කොට ඇත.
     
    මෙහි ප්‍රධාන දේශන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න විමලදාස, පරිසරවේදී ආචාර්ය පී එම් සී බණ්ඩාර, පරිසරවේදී චන්දන අසේල, සහ සත්වවේදී දිස්නා බණ්ඩාර යන මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කරන ලදී.
     
    මේ අවස්ථාව සඳහා මාධ්‍යවේදීන්, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya