ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඡන්දය සඳහා තරුණ පරපුර දිරි ගැන්වීමේ වැඩ සටහනක් අද ගාල්ලේදී

    අගෝස්තු 12, 2016
    ඡන්දය සඳහා තරුණ පරපුර දිරි ගැන්වීමටත් ඔවුන් දැනුවත් කිරීම සඳහාත් සිදු කෙරෙන වැඩසටහනක්  අද දවස පුරා ගාල්ලේ දී පැවැත්වේ. මේ අවස්ථාව සඳහා දිවයිනේ නන් දෙසින් පැමි‍ණෙන තරුණ තරුණියන් 300ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතය.
    මෙම වැඩසටහන යටතේ ආදර්ශ ඡන්ද මධ්‍යස්ථානයක්, දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ සරුංගල් සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු සලසා ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජීත් මහතාගේ සම්බන්ධීකරණයෙන් හා ගාල්ල මැතිවරණ කාර්යාලය විසින් කටයුතු සංවිධානය කිරීම සිදු වේ.
     
    අද පෙරවරු 9.30ට ඡන්ද මධ්‍යස්ථානයක් ආරම්භයේ සිට ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා කටයුතු මෙම ආදර්ශ ඡන්ද මධ්‍යස්ථානයේදී දැක බලා ගැනීමට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන අතර ඒ පිළිබඳව ගැටළු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව හිමි වේ.
     
    සවස 4.30 ට සරුංගල් සංදර්ශනය ගාලු කොටු පවුරේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී පැවැත්වීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රදානත්වයෙන් සිදු කිරීමට නියමිතය. ජාතික තරුණ සේවා සභාව, වවුනියාව තරුණ එකතුව, ගාල්ල තරුණ සේවා සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය මේ සඳහා සිය දායකත්වය සපයයි.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya