ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය නිවාරණ සදහා සෑම දෙනාගේම සහය අත්‍යවශ්‍යයි- පොලිස්පති

    අගෝස්තු 12, 2016
     
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ  නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රගති හා පසු විපරම් වැඩ සටහන පොලිස්පති  පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයේදී පැවැත් විණි.
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වු මෙම වැඩසටහනේ දි මත් උවදුර මෙරටින් තුරන් කිරීම සදහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, දිස්ත්‍රික් ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකායේ නිළධාරීන්, සුරාබදු නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සිදුවිය.
     
    මෙහිදි අදහස් දැක්වු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා  ප්‍රකාශ කර සිටියේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ සටහන ජනපතිතුමන් ප්‍රමුඛ  වත්මන් රජයේ ප්‍රමුඛතම කාර්යයක් බවත්, එය සාර්ථක කරගැනීම සදහා සෑම දෙනාගේම සහය අත්‍යාවශය බවත්ය.
     
    මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් මල්ලිකා අමරසේකර, ජනාධිපති මත් ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි යන මහත්ම මහත්මින් ඇතුළු විශාළ පිරිසක් එක්ව සිටිහ.
     
    AP/DMU-Nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya