ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ මුළුවක්

    අගෝස්තු 15, 2016
    ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ඇතුළු ඒ සදහා ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් අද පෙරවරුවේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 
    මෙහි  ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා අදහස් දක්වමින් පවසා සිටියේ සියළුම දෙයට වඩා ළමා ආරක්ෂාව ඉතා වැදගත්. එම නිසා මේ පිළිබදව අවධානයෙන් කටයුතු කිරීම සැමට පැවරෙන වගකීමක් බවය.  මෙම වැඩ සටහන පැවැත්වීම ඉතාමත් අගයකල යුතු බවද වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය. 
     
    පොලිස් නිලධාරීන් 200 කට ආසන්න පිරිසක් මෙම වැඩමුළුව සඳහා සහභාගි වු අතර  ප්‍රධාන දේශනය කෑගල්ල මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය රොමේෂ්  අලගියවන්න මහතා පවත්වනු ලැබීය.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya