ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල වී මිලදී ගැනීම 22 දා

    අගෝස්තු 17, 2016
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී මිලදී ගැනීම සදහා පත්‍රිකා නිකුත් කිරීම මේ මස 18 බ්‍රහස්පතින්දා දින සිදු කරන අතර මිලදී ගැනීම 22 වන දින සිදු කරන බව, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල කෘෂිකර්ම කමිටුවේදී වී අලෙවි මණ්ඩල සහකාර ප්‍රාදේශීය කළමනාකරු J.M.J.K ගල්ගමුව මහතා ප්‍රකාශ කළේය.
    නියමිත ප්‍රමිතියෙන් යුතු කීරි සම්බා කිලෝවක් රු.50/=ක මිලකටත් සම්බා කිලෝවක් රු.41/=ක මිලකටත් නාඩු කිලෝවක් රු.38/=ත් මිලදී ගන්නා බව ගල්ගමුව මහතා පැවසීය.
     
    ගැට්ටුවාන , නිකවැරටිය , ගල්ගමුව, මහව, මා එලිය ,වරාවැව ,මීගලෑව යන මධ්‍යස්ථානයන්හීදී මෙම මිලදී ගැනීම සිදු කෙරේ.
    එක් ගොවියකුගෙන් වී කිලෝ 2,000ක් මිලදී ගන්නා බවත් ඒ අනුව මෙවර වී මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගැනීමට අපේක්ෂිත බව ඒ මහතා වැඩිදුරටත් දැන්වීය.
     
    AP/DMU-Kurunegala
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya