ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඇල්පිටියේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

    අගෝස්තු 19, 2016

    ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන දින සියයේ සංවර්ධන වැඩසටහන යටතේ ගම් නගාසිටුවීම වෙනුවෙන් 2015 වසරෙහි මුල්‍ය ප්‍රතිපාදන වෙන්කල ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයෙහි මාර්ගයන් 8කට වැඩි ප්‍රමාණයක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතා  අයිතියට පත්කිරීම  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

    ජනතා ඉල්ලීම මත සිදුකල මෙම යෝජනාව ක්‍රියාවට නැංවීම සඳහා රුපියල් ලක්ෂ 60 ක් පමණ වැය කර තිබේ.

     

    ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ අංක 25 එච් - අටකොහොට ග්‍රාමනිළධාරී වසමෙහි වැලියල දියපිට ගල්ලන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම, ඇල්පිටිය නැගෙනහිර ග්‍රාමනිළධාරී වසමෙහි  වතුරවල කන්ද ‘‘සේවා පියස” ජනතා අයිතියට පත්කිරීම, අංක 29 සී - ගොලුවාමුල්ල ග්‍රාමනිළධාරී වසමෙහි ගොලුවාමුල්ල මැල්ලුම්වෙල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරිණි.

     


    එසේම ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ගොලුවාමුල්ල බටහිර ග්‍රාමනිළධාරී වසමෙහි රාමදොළ වේල්ල මාර්ගය තාර අතුරා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම, අංක 29 ඒ - අවිත්තාව ග්‍රාමනිළධාරී වසමෙහි සීවලී මාර්ගය තාර අතුරා සංවර්ධනය කිරීම, වග්ගහවෙල ගලලියද්ද ප්‍රජාශාලාව ජනතා අයිතියට පත්කිරීම, අංක 28 - පහල ඕමත්ත ග්‍රාමනිළධාරී වසමෙහි  තේනංගොඩවත්ත මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය යනාදී ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙරිණි.

     


    තව ද ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අංක 30 සී  - දෙල්පෝන ග්‍රාමනිළධාරී වසමෙහි වඩුමුල්ල කන්ද මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම, අංක 30 ඒ  - මැටිවිලිය ග්‍රාමනිළධාරී වසමෙහි සුභගම මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම, අංක 31 ඩී  - හිඹුටුගොඩ ග්‍රාමනිළධාරී වසමෙහි මහවත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම මේ අනුව සිදු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya