ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රමිති සහතිකය නොමැති ජල බෝලත් තහනම්

    අගෝස්තු 21, 2016
    සැප්තැම්බර් මස පළමු වැනිදා සිට එස්.එල්.එස්. සහතිකය නොමැති පානීය ජල බෝතල් ඇසිරීම, බෙදාහැරීම, ප‍්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවි කිරීම තහනම් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
     
    ඊට අදාළ විධිවිධාන 2015 ජුනි මස 11දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රසිද්ධ කර ඇත.
     
    නීතිය ක්‍රියාත්මක වන දින සිට මෙම නීතිය කඩ කරන ආයතන හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කෙරේ.
     
    පානීය ජල ඇසුරුම් සඳහා නිෂ්පාදනය කෙරෙන බෝතල් සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ අමුද්‍රව්‍ය අනුමත ප්‍රමාණය ඉක්මවා යොදාගැනීමත්, නිසි ක්‍රමවේදයෙන් තොරව නිෂ්පාදනය කිරීමත් හේතුවෙන් බෝතල්වල ප්‍රමිතිය පිළිබඳව ගැටලු මතුව තිබීම වැනි හේතු නිසා මෙලෙස ජල බෝතල් සඳහා ප්‍රතිමි ක්‍රමයක් යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya