ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 23, 2016
     
    සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කිරීමේ වැඩසටහනක් අගෝස්තු 25 සහ 26 යන දෙදින පෙ.ව 8.30ට ගාල්ල, හබරදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
    ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉතාමත් වේගයෙන් වර්ධනය වන අතර එහි ඝෘජු හා වක්‍ර රැකියා අවස්ථා පුළුල් වෙමින් පවතී. එය තරුණ තරුණියන් උදෙසා රැකියා පහසුකම් ලබා දීමට මෙය  මහඟු අවස්ථාවක් වනු ඇත. මෙම වැඩසටහන සඳහා සංචාරක හා හෝටල් කලමණාකරන ආයතනය, රුහුණු සංචාරක කාර්යංශය හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ආයතන සහභාගී වීමට නියමිතය.
     
    රජය මගින් පවත්වන පුහුණු පාඨමාලා, විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා තරුණ තරුණියන් බඳවා ගැනීම ද මෙම වැඩසටහනේ දී සිදු වේ.
     
    මිනිස්බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් වැඩසටහන මෙහෙයවයි.
     
    AP/DMU- Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya