ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කන්දකාඩු යුද හමුදා ගොවිපලේ ප්‍රථම රන් අස්වනු නෙලීම

    අගෝස්තු 24, 2016
    කන්දකාඩු යුද හමුදා ගොවිපලේ මෙවර යල් කන්නයේ වගා කරන ලද දේශීය වී වගාවේ ප්‍රථම රන් අස්වනු නෙලීම පසුගියදා ආරම්භ කෙරුණි. 
    ජාතික අහර නිෂ්පාදිත වැඩසටහන යටතේ වස විසෙන් තොරව ,කාබනික පොහොර භාවිතයෙන් පමණක් යුද හමුදාව විසින් මෙවර යල කන්නයේ වී වගා කර තිබේ. 
     
    මේ අනුව දේශීය වී වර්ග 30 මෙහි වගා කර ඇති අතර අක්කර 100 ක වී අස්වනු මෙහිදී නෙලනු ලැබේ.ආගමික වත් පිළිවෙත් වලට මුල් තැන දෙමින් නැකත් සිරිත් අනුව අස්වනු නෙලීමේ මෙම අවස්ථාවට යුද හමුදා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා යුද  හමුදාවේ  කෘෂිකර්ම හා පශු සම්පත්  අධ්‍යක්ෂ කර්නල් බුවනෙක ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්  එක් විය.
     
    AP/DMU-Polonnatuwa
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya