ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තාර වෙළෙඳ‍පොළ ලිහිල් කිරීමට පියවර

    අගෝස්තු 28, 2016

    තාර වෙ‍‍ළෙඳපොළ ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    නව මහාමාර්ග ඉදි කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ මහාමාර්ග ජාලයේ නිරන්තර නඩත්තු කටයුතු සඳහා යොදා ගැනෙන හෙයින් තාර සඳහා තිරසර වෙ‍ෙළඳපොළක් නිර්මාණය වී ති‍බේ.

    මහාමාර්ග හා වෙනත් ඉදි කිරීම් කටයුතු සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගැනෙන තාර සඳහා නිරන්තරයෙන් වර්ධනය වන වෙ‍ළෙඳපොළක් ඇත.  

    එසේම කලාපයේ මෙන්ම සංවර්ධනය වන වෙනත් රටවල්වල තාර සඳහා නැඟී එන වෙ‍ළෙඳපොළක් තිබෙන බව දක්නට ලැබේ. එබැවින් තාර වෙ‍ළෙඳපොළ ලිහිල් කිරීම මඟින් කලාපීය සැපයුම්කරු ලෙස නැඟී ඒමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනු ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ තාර වෙළෙඳපොළ ලිහිල් කිරීමේ හා තරගකාරී වෙ‍ළෙඳපොළක් ඉදි කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද 2016 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක වේ.

    (i) තාර ආනයනය ලිහිල් කිරිම සඳහා නියෝග හා ප්‍රතිපත්ති සකස් කිරීම.

    (ii) ආනයන අපනයන පාලන පනත යටතේ අයිතමයක් ලෙස 'තාර' ලැයිස්තුගත කිරීමෙන් ආනයනය සඳහා බලපත් නිකුත් කිරීම.

    (iii) අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් ජාතික ප්‍රමිතීන් හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දීම.

    (iv) තාර සම්බන්ධයෙන් තත්ත්ව අනුකූලතා සහතික නිකුත් කිරීම සඳහා පර්යේෂණාගාර පහසුකම් දියුණු කරන ලෙස හා ප්‍රතීතකරණය කරන ලෙස කාර්මික තාක්ෂණ ආයතනයට (ITI) හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබා දීම.

    (v) බලපත්‍ර හිමියන්ගෙන් තාර වෙ‍ළෙඳාම මත වාර්ෂිකව රුපියල් මිලියන 2ක ස්ථාවර ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya