ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුරුදු හා ගම්මිරිස් වගාවෙන් ඩොලර් මිලියන 369 ක්

    අගෝස්තු 31, 2016
    කුරුදු හා ගම්මිරිස් වගාවෙන් ඉදිරියේ දී ඩොලර් මිලියන 369 ක් උපයා ගැනීමට කටයුතු කරන බව ප්‍රථමික කර්මාන්ත කටයුතු අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා දෙහිඕවිට,බටංගල ජාතික තරුණ සේවා සභා මධ්‍යස්ථානයේ පැවැති "ධන සවියට තුරුණු සවිය" අපනයන කෘෂිකර්මාන්තය සදහා තරුණ තරුණියන් යොමු කරවීමේ අරමුණින් පැවැති කදවුරට සහභාගි වෙමිනි.
     
    තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය. රටේ මුළු භූමියෙන් 23% ක් තිබෙන්නේ ගෙවතු.ඒ හරහා බෝග වැවීමට පුලුවන්. මේ රටේ අපනයන බෝගවලට ලෝක වෙළද පොලේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපනයන කෘෂි වගාව සදහා රජය විසින් තරුණ ඔබ දිරිමත් කිරීමට කටයුතු කරනවා. මෙහි දී ඔබගේ කැපවීම,උත්සාහය,අධිෂ්ඨානය අවශ්‍ය වෙනවා යයි පැවැසීය.
     
    කදවුර සදහා දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ 207 දෙනෙක් සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya