ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතලේට රැකියා 100 වැඩසටහනක්

    සැප්තැම්බර් 01, 2016
    කම්කරු හා වෘත්තිය සබදතා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මගින් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන රැකියා 100 වැඩසටහන මේ මස 08 සහ 09 යන දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්වේ.
    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය වෘත්තිය මාර්ගෝපදේශන අංශය හා රැකියා සේවා මධ්‍යස්ථාන මගින් වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන සදහා ලියාපදිංචි කරගත් රැකියා අපේක්ෂකයින් සුදුසුකම් මත තෝරා ගැනිමට නියමිතය.  මේ සදහා පැමිණෙන රැකියා අපේක්ෂකයින්ගේ ජිවිත අරමුණු ඇති කර ගැනිමත්, රැකියා ලෝකය පිළිබද දැනුවත් කිරිමත්, රැකියා ආයතනවල කාර්ය භාරය පිළිබද දැනුවත් කිරිමටත් කටයුතු සංවිධානය කර ඇත.
     
    මේ සඳහා ප්‍රදේශයේ රැකියා ආබෑර්තු ඇති පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා,අර්ධ රාජ්‍ය ආයතන හා බැංකු සම්බන්ධ කර ගැනිමට නියමිතව ඇති අතර දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රමූඛ පෙලේ රැකියා ආයතනවලට තරුණ තරුණියන් 100 ක් තෝරා  ගැනිමට නියමිතය.
     
    රැකියා අපේක්ෂකයින් මේ සදහා පැමිණෙන විට තමන්ගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් අයදුම්පත් රැගෙන පැමිණෙන ලෙස දිස්ත්‍රික් මාර්ගෝපදේශන අංශය වැඩි දුරටත් දැනුම් දෙයි.
     
    AP/DMU-Matale 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya