ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයට නවීන උපකරණ

    සැප්තැම්බර් 04, 2016
    කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයට නවීන උපකරණ දෙකක් පරිත්‍යාග කිරිම ඊයේ (03 )පස්වරුවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විණි. 
     
    එහිදී බයි ප්ලේන් එන්ජියෝග‍්‍රැෆි මැෂින් (biplane angiography machine)  සහ  (O-arm Navigation Surgical Imaging System) ආම් නැවිගේෂන් සර්ජිකල් යන උපකරණ දෙක පරිත්‍යාග කරන ලදි. 
     
    මෙම උපකරණ මොළයේ ස්නායු පරික්ෂණ සඳහා භාවිතා කරනු ලබයි. රජයේ රෝහලක මෙම ස්නායු පරික්ෂණ යන්ත‍්‍ර සවි කළ ප‍්‍රථම අවස්ථාව මෙය වේ. මොළයේ ලේ නහරවල රෝග විනිශ්චය කර ගැනීමට මෙම උපකරණ දායකකර ගනු ලබන අතර, විශේෂයෙන්ම රුධිර නාලවල නෙරීමක් ඇතිවුවහොත් එය සොයාගැනිම සඳහාත්, ආඝාතය පරික්ෂා කිරිම සඳහාත් මෙම උපකරණය භාවිතා කරනු ලබයි. මෙම උපකරණවල වටිනාකම රුපියල් මිලියන 300ක් පමණ වේ.
     
    මෙම උපකරණ භාවිතා කරමින් පෞද්ගලික රෝහලකදී මොළයේ ලේ කැටියක් ඉවත් කිරිමට රුපියල් ලක්ෂ 10ක් පමණ වැය වේ. 
     
    පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන නමුත් එම රෝහල් එම වැඩපිළිවෙළට කැමැත්තක් නොමැති බවත් පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා නමුත් පෞද්ගලික රෝහල් පිළිබඳ චෝදනා රැසක් ලැබී තිබෙන බැවින් නියාමනය කිරිම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර  ඇතැයි ද පැවසීය.
     
    යම් පෞද්ගලික රෝහල්වල ඇතැම් ශල්‍යාගාර වසා දමා තිබෙන බවත්  එම ශල්‍යාගාර භාවිතා කරමින් රජයේ රෝහල්වලට ඇතුලුවන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවත් අවධානය යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්දිකා සමරකෝන් හා විශේෂඥ වෛද්‍ය සමන් වඩිනම්බි මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya