ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය ඇමැති ඇල්පිටිය රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

    සැප්තැම්බර් 05, 2016
     
    ඇල්පිටිය රජයේ රෝහල සංවර්ධනය කොට එම ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇතිකිරීමේ පළමු පියවර ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනාරත්න මහතා  පසුගිය දා ඇල්පිටිය රෝහලේ නිරීක්ෂණය කිරීම සිදු විය.
     
    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් කළ ඉල්ලීමක් අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇල්පිටිය රෝහලේ නිරීක්ෂණ කටයුතු සිදු කෙරිණි .
     
    ඇල්පිටිය රෝහලෙහි ගොඩනැගිලි පහසුකම් සංවර්ධනය කිරීම, හදිසි ප්‍රතිකාර ඒකකයක් අලුතින් ස්ථාපිත කිරීම මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය සියලු ම ආකාරයේ පහසුකම් ලබාදීම යන කරුණුවලට අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනාරත්න මහතා එම පහසුකම් කඩිනමින් ලබාදීමට එකඟතාව පළකර සිටියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya