ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    "පුරවර සැරිසර" වැඩසටහන ඇරඹේ

    සැප්තැම්බර් 11, 2016
    රාජ්‍ය හා පෞද්ගලික අංශයන් හි සම්බන්ධීකරණ සහයෝගීත්ව දායකත්වයෙන් "ජන සුභසෙතට - පුරවරෙන් පුරවරට" යන තේමාව යටතේ දහසක් නගර කේන්ද්‍ර කරලනිමින් නගරයෙන් නගරයට සංක්‍රමණය වෙමින් "පුරවර සැරිසර" වැඩසටහන ඊයේ (10) රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ විය.
     
    මෙහිදී ජංගම ප්‍රචාරක ප්‍රවර්ධන රථ හතරක් උපයෝගීත්වයෙන් කොළඹ සිට යාපනය මඩකලපුව, කතරගම, නුවරඑළිය දක්වා ප්‍රධාන මාර්ග ඔස්සේ අදාළ නගරයන් හි "පුරවර සැරිසර" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එසේම එම දිස්ත්‍රික් ප්‍රධාන නගර කේන්ද්‍රකර ගනිමින් "පුරවර සැරිසර" වෙළෙඳ ප්‍රදර්ශන හා සැණකෙළි පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
     
    මෙම වැඩසටහන තුළින් ජාතික ඵලදායිතාවය නැංවීම යහපාලනය හා මානව ධර්මතා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රජාවබෝධතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යුත් තිර උපයෝගි මාධ්‍ය ප්‍රචාරණය හා අලෙවි ප්‍රවර්ධනය කිරීම තුළින් මාධ්‍ය ප්‍රචාරණයේ ප්‍රවර්ධනයක් ඇති කිරීම, ජනතාවගේ පොදු උන්නතිය උදෙසා රජය මගින් කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීම, විශේෂයෙන් ජනතාව වෙත සමාජයෙන් යම් පණිවිඩ ලබාදීම මෙන් ම ජනතා සුභ සාධනය ඇති කිරීම සිදු කෙරේ.
     
    මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගේ හා විශේෂයෙන් ප්‍රාදේශීය මට්ටමින් කෙරෙන සේවා හා නිපැයුම් පිළිබඳ ව වෙළෙඳ ප්‍රචාරණය හා අළෙවි ප්‍රවර්ධනය ඇති කිරීම තුළින් රටේ සේවා හා නිපැයුම් සඳහා වෙළෙඳපොළ සකසා දීමත් එමගින් රටේ දළ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකවීමත් පුරවර සැරිසර හි සුවිශේෂි ඉලක්කයන් වේ.
     
    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් මහජනතාවට රාජ්‍ය සේවයෙන් කටයුතු සලසා ගැනීම පිණිස ජංගම සේවාවන් ද පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya