ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සබරගමු පළාත් ආයුර්වේද වෛද්‍ය සේවාව නංවාලීමට විශේෂ ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 11, 2016
    සබරගමු පළාතේ ආයුර්වේද වෛද්‍ය සේවාව නංවාලීම සඳහා සබරගමු පළාත් සභාව මගින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇතැයි සබරගමුව පළාත් සභාව සඳහන් කරයි.
     
    ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 334ක් වැය කර ඉදි කළ රත්නපුර  පුස්සැල්ල ආයුර්වේද රෝහලේ ඇඳන් 49කින් යුත් දෙමහල් වාට්ටු සංකීර්ණය පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් ජනතා අයිතියට පවරනු ලැබීය.
     
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ආයුර්වේද  රෝහල් 10ක් ද, මධ්‍යම බෙහෙත් ශාලා 9ක් ද, ආයුරේවේද පංචකර්ම ඒකක 01ක් ක්‍රියාත්මකය.
     
    සබරගමු පළාතේ ආයුර්වේද රෝහල් නවීකරණය කිරීම සඳහා පමණක් රජය මගින් ලබා දී ඇති මුල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් ලක්ෂ 1650කි. ඒ යටතේ වාට්ටු සංකීර්ණයකින් හා බාහිර රෝගී අංශයකින් සමන්විත කෑගල්ල ආයුර්වේද රෝහලේ ඉදිකෙරෙන සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 846කි. ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ ඉදි කෙරෙන දෙමහල් සංකීර්ණයට වැය කෙරෙන මුදල රුපියල් 237කි. රක්වාන ආයුර්වේද රෝහලේ සංවර්ධනය කටයුතු සඳහා ලක්ෂ 17ක් ද, මැදබැද්ද ආයුර්වේද  රෝහලේ සංවර්ධනය කටයුතු සදහා ලක්ෂ 16ක් ද වැය කරයි.
     
    මීට අමතරව සෙසු ආයුර්වේද රෝහල්වල සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 500ක් පමණ ලබා දීමට ද සබරගමු පළාත් සභාව කටයුතු කර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya