ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද හිමි නාමලේඛනයට හිමිකම් ඉල්ලීමට හා විරෝධතා දැක්වීමට කාලයක්

    සැප්තැම්බර් 11, 2016
    2016 ඡන්ද හිමියන් ගණන්ගැනීමේ කටයුතු මේ වන විට අවසන්ව ඇති බවත් එම නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට හිමිකම් ඉල්ලීමට මෙන් ම, යම් ගෘහයකට අදාළ නැති පුද්ගලයින් ලියාපදිංචි වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන විරෝධතා සැප්තැම්බර් 28ට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයන් වෙත ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
     
    යම් පුද්ගලයෙකුගේ නම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබේද යන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන හා ග්‍රාම නිලධාරී කාර්යාලවල සැප්: 28දා දක්වා පරීක්ෂා කළ හැකිය.
     
    ඒ අනුව ලියාපදිංචිය සඳහා කටයුතු කර නැත්නම් හිමිකම් ඉල්ලීම සිදු කළ හැකි අතර සුදුසු නැති අයෙකු යම් ගෘහයකට අදාළ ව ලියාපදිංචි වී ඇත්නම් ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කිරීම කළ යුතුය. ඒ සඳහා වන ඉල්ලුම්පත් ඡන්ද නාමලේඛන ප්‍රදර්ශනය මධ්‍යස්ථාන වෙතින් ලබාගත යුතු අතර ඉල්ලුම්පත් සැප්: 28ට පෙර ඉදිරිපත් කළ යුතුය.
     
    ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇති ද යන්න මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lkවෙබ් අඩවියෙහි ඡන්ද හිමි නාමලේඛනය (කෙටුම්පත්) හරහා පරීක්ෂා කළ හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya