ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශ 09 ක් අධි අවදානම් කලාප

    සැප්තැම්බර් 14, 2016
    මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශ 23  අතරින් කොට්ඨාශ 09 ක්ම ඩෙංගු අධි අවදානම් තත්වයක් ඇති ස්ථාන බවට හදුනා ගෙන තිබේ.එම අධි අවදානම් සෞඛ්‍ය කොට්ඨාශ 09 අතරට මහනුවර නගර සීමාව ද අයත් වන අතර, ගම්පොල, ගඟවට කෝරලේ, හාරිස්පත්තුව  සහ යටිනුවර යන ස්ථාන විශේෂිතය. මීට අමතරව කුණ්ඩසාලේ , උඩුනුවර, නාවලපිටිය සහ වත්තේගම යන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශද ඊට අයත් බව අනාරවණය විය. මෙම කරුණු අනාවරණය වූයේ ඊයේ පැවති (13) මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.
    එබැවින් 2016 සැප්තැම්බර් 27 වැනි දින සිට ඔක්තෝබර් 03 වැනි දින දක්වා ප්‍රකාශයට පත් කොට ඇති ජාතික මදුරු මර්ධන සතිය මුල් කර ගනිමින් සංවිධානාත්මක වැඩපිළවෙලක් යොදා මදුරුවන් බෝවන ස්ථාන මර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
     
    ඉදිරියේදී එළඹෙන ඊසාන දිග මෝසම් වැසි සමයත් සමග මෙම තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන ලේකම්වරයා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට දැනුම් දී තිබෙන්නේ දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව කැදවා ඊට සෘජු දායකත්වයක් සපයන ලෙසයි. ඒ අනුව ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති ඩෙංගු මර්ධන කමිටු රැස් කොට ඔවුන්ගේ සක්‍රීය දායකත්වයද ලබා ගෙන මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීමටත් අවශ්‍ය අනිකුත් පියවර ගැනීමටත් කටයුතු කරන ලෙසද ලිපියෙන් දැනුම් දී තිබේ. 
     
    ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණයෙන් සිටින ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහාය ලබා දෙන ලෙසත් අවශ්‍ය අවස්ථාවලදී ඒ සදහා අවශ්‍ය වාහන පහසුකම් ලබාදෙමින් ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ලේකම්වරයා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිරකණ කමිටුවෙන් ඉල්ලා ඇත.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya