ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ ඩෙංගු අවම කිරීමට විශේෂ වැඩ සටහනක්

    සැප්තැම්බර් 17, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සදහා විශේෂ වැඩ සටහනක්  ආරම්භ කිරිමට  නියෝජ්‍ය  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කටයුතු සැලසුම් කර ඇත. 
    මේ යටතේ සෑම ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, ආර්ථික සංවර්ධන නිලධාරී, යන අයට එක් වසමක ඇති නිවෙස්  එම නිලධාරින් හතර දෙනා වෙත කොටස් කර බෙදා දීමටත් හැම මසකදීම එක් වරක් හෝ එම නිවාස පරීක්ෂා කිරීමටත් කටයුතු සැලසුම් කර ඇත.  
     
    අදාල නිලධාරීන්ගේ උපදෙස් පිළි නොපදින පුද්ගලයින් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත වාර්තාවක් දිමටද කටයුතු යොදා ඇති අතර ප්‍රදේශිය ලේකම්වරුන් මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදු කරන අතර පසු විපරම දිස්ත්‍රික් ලේකම්වරයා  මගින් සිදු කිරිමට නියමිතය. 
     
    AP/DMU-Kegalle
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya