ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තංගල්ල බස් ඩිපෝව ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂ 25 ක්

    සැප්තැම්බර් 21, 2016
    අනාගතය වෙනුවෙන් රැකගතයුතු ජාතික සම්පත් විනාශ වීමට ඉඩහැරීම දැකීම කිසිසේත් ඉවසා සිටීමට නොහැකි හද පාරන දසුනක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය .
    අමාත්‍යවරයා මේ බව පැවසුයේ අබලන්ව විනාශ වෙමින් පවතින තංගල්ල ඩිපෝවේ , අංගනය , සේවක විවේකාගාර ගොඩනැගිල්ල ඇතුළු පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය .
     
    මෙලෙස දැඩි ලෙස විනාශ වෙමින් පවතින තංගල්ල බස් ඩිපෝවේ ප්‍රතිසංස්කරණ කටයුතු එහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතින් ආරම්භ කෙරිණ . මේ සදහා රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් වැය කිරීමට නියමිතය .
     
    වසර සියකට වඩා පැරණි මෙම බස් ඩිපෝව වසර 40කින් පමණ ප්‍රතිසංස්කරණයකට ලක් කර නොමැති බවට සේවකයෝ එහිදී පෙන්වා දුන්හ . එය නිරීක්‍ෂණය කළ දිලිප් වෙදආරච්චි මහතා මෙවැනි මහජන දේපළ මෙලෙස විනාශ වීමට ඉඩදිය නොහැකි බව අවධාරණය කර එහි අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය සියළු පියවර ගන්නා බවද , සේවක නේවාසිකාගාරයත් ඉක්මනින්ම අළුත් වැඩියා කර දෙන බවද පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya