ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මැදිරිගිරිය රෝහලට දන්ත ශල්‍යාගාරයක්

    සැප්තැම්බර් 22, 2016
    මැදිරිගිරිය රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද දන්ත ශල්‍යාගාරය පසුගිය දා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතා විසින් විවෘත කරනු ලැබීය. 
    මැදිරිගිරිය රෝහලේ දිර්ඝ කාලයක් තිස්සේ විශාල අඩුපාඩුවක් පැවති දන්තාගාරය විවෘත කිරීමේ උත්සවය ඇමතු ප්‍රධාන අමාත්‍යවරයා දිර්ඝ කාලයක් තිස්සේ මැදිරිගිරිය රෝහලට විශාල අඩුපාඩුවක්ව පැවති එම ශල්‍යාගාරය විවෘත කිරීම නිසා ප්‍රදේශ වාසින්ට විශාල සේවාවක් සැලසේන බවත්, එම රෝහල තවදුරටත් නවීකරණය කොට අංග සම්පුර්ණ දන්ත ශල්‍යාගාරයක් ලෙස පවත්වා ගෙන යාමට ඉදිරියේදී කටයුතු කරන බවත් පැවසීය. 
     
    වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන අමාත්‍යවරයා මැදිරිගිරිය රෝහල නුදුරු අනාගතයේ දී සියළුම නවීන අංගෝපාංගයන් ගෙන් සමන්විත රෝහලක් ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවත් ප්‍රදේශවාසින්ගේ සෞඛ්‍ය තත්වයන් නගාසිටුවා නීරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව මෙබදු සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් පැවසීය.
     
    උතුරු මැද පළාත් සභාව විසින් මිලියන පහක ( මිලියන 05) වියදමින් ඉදිකරන ලද මෙම ශල්‍යාගාර විවෘත කිරීමේ අවස්ථාව සඳහා උතුරු මැද පළාත් සභා මන්ත්‍රි සම්පත් ශ්‍රී නිලන්ත මහතා ඇතුළු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය සහ සෞඛ්‍ය බලධාරින් රැසක්ද සහභාගි වුහ.
     
    AP/DMU-Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya