ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආපදා කළමනාකරණය පිළිබද මාධ්‍යවේදීන් දැනුවත් කිරීමක්

    සැප්තැම්බර් 23, 2016
    නිරන්තරයෙන් නාය යන ප්‍රදේශවල භූගත ජල මට්ටම අඩු කිරිම හා මනුෂ්‍ය ක්‍රියාකාරකම් හා සංවර්ධන කටයුතු අවම කිරිම තුළින් නායේ යාම් අඩු කර ගත හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ආචාර්ය ජගත් ගුණතිලක මහතා පැවසීය.
    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ සරිල්කෝ හෝටලයේ පැවති ආපදා කළමනාකරණය පිළිබද මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩ මුළුවකට සහභාගි වූ  අවස්ථාවේ දීය.
     
    ලංකාවේ නාය යාම් වලට ප්‍රධාන හේතුව කෙටි කාලයක් තුළ ලැබෙන වැඩි වර්ෂාපතනය බවත් නාය යන ප්‍රදේශවල හා අවදානම් කලාප වල ජලය රැස් නොකළ යුතු බවත් නායේ යාම්වලට භාජනය වන්නේ මීට පෙර නායේ ගිය ප්‍රදේශ බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.
     
    ලංකාවේ නාය යාම්වලින් විශාලම නායේ යාම වර්තා වන්නේ පසුගියදා සිදු වූ සාමසාර කන්ද නායේ යාම බවත් ඊට හේතු වී ඇත්තේ කන්ද ඉහල ප්‍රදේශයේ අලුතින් වගා කළ තේ වගාවක් බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ජගත් ගුණතිලක මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට නායේ යාම් වාර්තාකරණය පිළිබද මාධ්‍ය වේදීන් දැනුවත් කරමින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි , මාතලේ ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක චමින්ද අමරවීර යන මහත්වරුන් සහභාගි විය.
     
    AP/DMU-Matale
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya