ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දඹුල්ල ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල අද විවෘත වෙයි

    ඔක්තෝබර් 02, 2016

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ පුරනැගුම ව්‍යාපෘතිය මගින් දඹුල්ල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

    පසුගාමී පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම පුරනැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුවල දඹුල්ල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකිරීම රුපියල් මිලියන 47.92 ක් වැය කර තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම පළාතේල ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව ඉදිකිරීම් සඳහා උපදේශකත්වය සපයා තිබේ.

    මීට පෙර දඹුල්ල ප්‍රාදේශීය සභාව මීට පෙර කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගොස් තිබේ.

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාල පුරනැගුම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එස්. ජී. චන්ද්‍රදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (02)දඹුල්ල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya