ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතර පෙර පාසල් දරු දැරියන්ට දියර කිරි ලබා දීමට මසකට රුපියල් 700,000 ක්

    ඔක්තෝබර් 04, 2016
    මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරු දැරියන් සඳහා දියර කිරි ලබා දීමට මාසිකව රුපියල් 714,648 මුදලක් වැය කෙරේ.
    පෙරපාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම හා දේශිය කිරි ගොවියා නගා සිටුවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් ලේකම් කොට්ඨාස 16 ම ආවරණය වන පරිදි පෙර පාසල් 86 ක මුල් ළමාවිය දරු දැරියන් 2,707 දෙනෙකුට මිලි ලීටර් 150 බැගින් වූ නැවුම් එළ කිරි වීදුරුවක් ලබා දීම මෙහිදී සිදුකෙරේ.
     
    ප්‍රවාහන වියදම් ද ඇතුළුව එක් කිරි ලීටරයක් සඳහා රුපියල් 80 ක මුදලක් කිරි ගොවීන්ට ලබා දේ.  අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල තිබෙන පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මධ්‍යස්ථාන, මිල්කෝ ආයතනය, මිල්කෝ ආයතනයේ ලියාපදිංචි කිරි ගොවි සමිති, අනෙකුත් කිරි ගොවි සමිති හා ප්‍රාදේශිය ලේකම් වරයාගේ අභිමතය පරිදි ඔහු සෑහීමකට පත්වන ප්‍රදේශයේ කිරි ගොවීන් මගින් කිරි මිල දී ගැනීම සිදු කරයි.
     
    දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය මුදල් ප්‍රතිපාදන සපයයි.  මාතර දිස්ත්‍රික්කයේ දැනට මේ වැඩසටහන සඳහා ඇතුළත් කර නොගත් පෙර පාසල් ද ඉදිරියේ දී ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බව ජාතික ළමා ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානභාර, දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී මහේෂ් ප්‍රීති කුමාර මහතා පවසයි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya