කාලයක් පුරා අනියම් පදනමින් සේවය කළ මෙම කණිෂ්ඨ සේවකයින් හට ස්ථීර පත්වීම් ප්‍රදානයත් සමගම විශ්‍රාම වැටුප් ඇතුළු රජය මගින් ලබාදෙන සියලු වරප්‍රසාද හිමි වේ.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පළාත් සභානායක අසෝක ජයවර්ධන, පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කපිල පෙරේරා, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් බී.එම්.පී.එන්.බෙලිගම්මන, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එම්.බී.එස්.එන්.කුමාරගේ, පළාත් පාලන කොමසාරිස් ඩී.ඩබ්.එස්.රාජපක්ෂ, පළාත් ආයුර්වේද කොමසාරිස් ජී.ඒ.පී.ආරියමාලා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර, සහකාර ලේකම්වරුන් වන එස්.ඒ.දිසානන්ද සහ එල්.එම්.පී.ඩබ්.බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.



















