ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නිල මෙහෙවර ජංගම සේවාව දෙවන වැඩසටහන ගාල්ලේ දී

    ඔක්තෝබර් 12, 2016
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන නිල මෙහෙවර දෙවන වැඩසටහන නෙවැම්බර් මස දී ගාල්ල දිස්ත්‍රික්කය මූලික කර ගෙන පැවැත් වීමට කටයුතු යොදා ඇත. 
    මෙහි පළමු වැඩසටහන ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කය මුල් කරගෙන පැවැත් විණි. 
    මේ ජනාධිපති ජංගම සේවාව පිළිබඳව නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ සියළුම ක්ෂේත්‍ර අංශ දැනුවත් කිරීම සඳහා වන වැඩසටහනක් මේ මස 16 වන දින පෙ.ව 9 සිට මධ්‍යහ්න 12 දක්වා  ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ දී නිලධාරීන් 4,000ක පමණ සහභාගීත්වයෙන් පැවැත් වීමට කටුයුතු යොදා ඇත. 
     
    මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල්ද අල්විස් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය. 
     
    දිස්ත්‍රික්කයේ ප්‍රජාවගේ විවිධ ගැටළු හඳුනා ගැනීමත් ඒ සඳහා කඩිනම් විසඳුම් සැපයීමත් නිල මෙහෙවර ජංගම සේවාවේ මුලික ම අරමුණයි. ඉඩම් සම්බන්ධ ගැටළු, එල් එල් ආර් සී ඉඩම් ගැටළු, ගොවිජන සේවා ගැටළු, සමාජ සේවා ඉල්ලීම්, ජාතික හැඳුනුම්පත් ලබා දීම, නිවාස ගැටළු, වෘතිය පුහුණු අවස්තා, පාරිසරක ගැටළු , බැංකු ණය ලබාදීම් ආදී බහුවිධ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම  මේ යටතේ සිදු කෙරේ.
     
    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙහෙවනු ලබන මෙම වැඩ සටහන දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි නොවැම්බර් මස ආරම්භයේ සිට දෙසැම්බර් මාසය දක්වා  පැවැත් වීමට නියමිතය.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya