ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බදුල්ල දිස්ත්‍රික්කයේ 40,857 දෙනෙක් නියඟයෙන් පීඩාවට....

    ඔක්තෝබර් 14, 2016
    නොකඩවා මාස තුනක පමණ කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කය තුළ පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක් තුළ පවුල් 9,911 ක පුද්ගලයින් 40,857 දෙනෙක් පීඩා විදින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
    ඔක්තෝබර් 10 දින වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ නියඟයෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. එහි ග්‍රාම නිලධාරී වසම් 35 න් වසම් 28 ක ජනතාව උග්‍ර ජල හිඟයකට ලක්වී සිටිති. එම සංඛ්‍යාව පවුල් 8,446 ක පුද්ගලයින් 34,492 ක් බව මහියංගණ ප්‍රාදේශීය ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.
     
    දැනට පවතින මෙම නියං ආපදා තත්ත්වය තුළ ජලය සැපයීම සඳහා ජල බවුසර් සහ ජල ටැංකි සපයා ගැනීම බලවත් ගැටළුවක් වී ඇත.
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ නියඟයෙන් විපතට පත් ජනතාව සඳහා ජලය සැපයීම වෙනුවෙන් ලීටර් 10,000 ධාරිතාවයෙන් යුතු ජල බවුසර් 10 ක් පමණ අවශ්‍ය වෙතැයි ගණන් බලා ඇත. නියඟයෙන් දැඩි ලෙස පීඩා විදින මහියංගණ සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් වෙනුවෙන් සහන සැලසීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙතින් රුපියල් මිලියන 9.2 ක මුදල් ප්‍රතිපාදනයක් කඩිනමින් ලබාදෙන ලෙස ද ඉල්ලා ඇත.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya