ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ජාතික වැඩසටහන ඇරඹේ

    ඔක්තෝබර් 24, 2016

    ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් දිවයින පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පසුගියදා ආරම්භ කෙරිණි.

    ජනාධිපතිතුමා විසින් කන්තලේ වන රක්ෂිතයේ කලූවර පැලයක් සිටුවා රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කළ අතර ඒ හා සමගාමීව පාසල් දරුවන්ල පොලිසියල ත්‍රිවිධ හමුදාවල සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් හෙක්ටයාර් 02 ක පමණ භූමි භාගයක පැල 2000 ක් පමණ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.

    අනතුරුව පාසල් දරුවන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ පාසල්වල පවතින අඩු පාඩු පිළිබදව ද විමසා බැලීය.

     

    විපක්ෂනායක ආර්.සම්බන්ධන්, අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාල, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න,  සුසන්ත පුංචිනිලමේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරිහූ මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya