ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ මිල අඩු කිරීමේ වාසිය අද සිට

    ඔක්තෝබර් 24, 2016
    ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ වාසිය අද (24) සිට ජනතාවට ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නියෝග කර ඇත. එහි සභාපති නීතීඥ සරත් ලියනගේ මහතාට සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත. 
     
    ඒ අනුව දිවයින පුරා පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසැල් 32න් සහ නියෝජිත ඔසුසැල් 130කින් අඩු කළ මිලට ඖෂධ ලබාගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත. අඩු කළ ඖෂධ වර්ග 48 ඖෂධ තොග වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංසථාව රැස්කර තබාගෙන ඇති අතර, ඒවා ඉහළ ගුණාත්මක බවින් යුක්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා පවසයි. මෙම සියලු ඖෂධ නැවිගත කිරීමට පෙර සහ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර තත්ත්ව පරීක්ෂණයක් ද සිදු කර ඇත.
     
    මේ අතර, ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ ගැසට් පත‍්‍රයට අනුව මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබීම පිළිබඳ ව විමර්ශන ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට උපදෙස් ලබා දී ඇත. 
     
    ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකය, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ ආහාර පරික්ෂක නිලධාරීන් යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. තව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහාය ද ඒ සඳහා ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නේය. 
     
    තව ද නියමිත  උපරිම සිල්ලර මිලට ඖෂධ අලෙවි නොකරන ඖෂධ හල් සොයා වැටලීම් ආරම්භ කරන ලෙසත්, එවැනි ඖෂධහල් පිළිබඳ පැමිණිලි දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක 02ක් හඳුන්වාදීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදි. ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ඖෂධ තොග වශයෙන් ආනයනය කර රැස්කර තබා ගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සහ වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත. දෙවන අදියර යටතේ අධික මිල ගණන් යටතේ අළෙවි කරන ඖෂධ වර්ගවල මිල අඩු කිරිමට නියමිතය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya