ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදුලි වාහන ආරෝපණයට ගාස්තු ක්‍රමයක් හා ඉලෙක්ට්‍රෝන කාඩ් පතක්

    ඔක්තෝබර් 24, 2016
    විදුලි වාහන ආරෝපණය සඳහා නව ගාස්තු ක්‍රමයක් හා ඒ සඳහා ඉලෙක්ට්‍රෝනික කාඩ් පතක් හඳුන්වාදීම පසුගිය දා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ්‍රයේ දී සිදු විය.
     
    මෙමගින් කාර්යබහුල හා කාර්යබහුල නොවන අවස්ථා දෙකේදීම විදුලි වාහන හිමිකරුවන්ට අපහසුවකින් තොරව අවම මිලක් යටතේ සිය වාහන ආරෝපණය කරගැනීමට පහසු මෙන් ම සරල ක්‍රියාදාමයක් ද හඳුන්වාදී තිබේ.
     
    මේ සඳහා නව ඉලෙක්ට්‍රෝන කාඩ්පතක් හඳුන්වාදුන් අමාත්‍යවරයා පවසා සිටියේ විදුලි වාහන හිමිකරුවන්ට මේ ආකාරයෙන් වඩාත් පහසු සරල මෙන් ම අවම අය ක්‍රමයක් හඳුන්වාදීම මගින් ජනතාව විදුලි වාහන භාවිතය වෙත යොමුකිරීම වඩාත් පහසු බවයි.
     
    එය බලශක්ති සංරක්ෂණයඉන්ධ වෙනුවෙන් වන ආනයන වියදම් අවම කිරීම මෙන් ම පරිසර දූෂණය අවම කිරීම සඳහා ද වඩාත් උචිත ක්‍රියාදාමයක් වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
     
    ආරෝපණ මධ්‍යස්ථාන මගින් අධිවේගී ආරෝපණ යටතේ විදුලි වාහන ආරෝපණය කරගත හැකි නමුත් වඩාත් යෝග්‍ය වනුයේ හැකි සෑම අවස්ථාවකදීම නිවසේ හෝ කාර්යාලයේ දී සාමාන්‍ය ආරෝපණ ක්‍රමවේදය භාවිත කිරීම බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.
     
    New Picture 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya