ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    "ශිල්ප අභිමානී 2016" ඇරඹේ

    ඔක්තෝබර් 27, 2016
    ඌව පළාතේ නිර්මාණශීලි කර්මාන්ත කරුවන්ගේ කුසලතා හා හැකියාවන් එළිදක්වන විවිධ නිර්මාණ හා පේෂකර්මාන්ත රෙදිපිළි ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේදී ඊයේ ආරම්භ කෙරිණි.
    පළාතේ දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තෝරාගෙන පළමුවැනි දෙවැනි හා විශේෂ කුසලතා දැක්වූ නිර්මාණ ඇතුලත්කොට කොට ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.
     
    ඌව පළාතේ හස්ත හා පේෂකර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා හොද වෙළදපලක් ඇතිකිරීම මෙම ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වේ.
     
    මේ අවස්ථාවට ඌව පළාත් ක්‍රීඩා, කර්මාන්ත හා සංචාරක අමාත්‍ය සාලිය සුමේධ සිල්වා මහතා සහ ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මියද සහභාගී විය.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya