ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 6200ක්

    ඔක්තෝබර් 28, 2016
    මෙම වසරේ දී උතුරු පළාතේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 6200ක් වෙන් කොට ඇති බවත් මෙම මුදල ඉතිහාසයේ උතුරු පළාත වෙනුවෙන් ලබාදුන් වැඩිම මුදල බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළේ දිවයින පුරා පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් එක්ව, සිය කැපවීමෙන් හා සාමූහිකත්වයෙන් “සෙනෙහසේ තොටුපළ” ලෙස ගොඩනගන ලද, අලිමංකඩ දුම්රිය ස්ථානය අද (28)දා ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
     
    දිවයිනේ සෑම පළාතක් ම ආවරණය කරමින්, පාසල් දරුවන් සති දෙකක් පුරා තම එදිනෙදා වියදම් වෙනුවෙන් මව්පියන් විසින් ලබාදුන් මුදලින් දිනකට රුපියල් දෙක බැගින් එක්රැස් කොට අලිමංකඩ දුම්රිය ස්ථානය ගොඩනැගීම සඳහා පරිත්‍යාග කර ඇත. ගුරුවරුන් ද රුපියල් දහය බැගින් පරිත්‍යාග කරමින් මීට දායක වී තිබේ. මෙලෙස පරිත්‍යාග මගින් එක්රැස් වූ මුදල රුපියල් මිලියන 10.54 ක් වන අතර ඉතිරි මුදල අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී තිබේ. දුම්රිය ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20ක් වැය වී ඇත.
     
    අලිමංකඩ දුම්රිය ස්ථානයේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි.
     
    වත්මන් රජයට බලයට පැමිණීමෙන් අනතුරුව අතීතයේ පැවැති අත්දැකීම් නැතිකරගැනීමට කටයුතු කරන බවත් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි පාසල් 10,161න් පාසල් 7000ක දැවැන්ත සංවර්ධනයක් සිදු කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා දකුණේ මෙන් ම උතුරේ ද දෙමාපියන්ගේ අනාගත අරමුණ වන්නේ තම දරුවන් සඳහා හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන බවත් පෙන්වාදුන්නේය.
     
    නියමු ව්‍යපෘතියක් වශයෙන් ලබන වසරේ දී තෝරාගත් පාසල් 500ක උසස් පෙළ සිසුන් සඳහා ටැබ් උපකරණ ලබාදීමට කටයුතු කරන බවත් කීය.
     
    මේ වන විට පවතින ගුරු හිඟයට ඉදිරි වසර 3ක කාලය තුළ පිළියම් යෙදීමට කටයුතු කරන අතර ම ක්‍රීඩා ගුරුවරුන් 5000ක් බඳවාගැනීමට කටයුතු කරන බවත් පාසල් සඳහා සම්පත් ලබාදීමේ දී දකුණට මෙන් ම උතුරට ද සමානව ලබාදීමට කටයුතු කරන අතර ම පසුගිය කාලයේ දී උතුරු පළාතට අඩුවෙන් සම්පත් ලබාදී ඇත්නම් ඉදිරියේ දී වැඩිපුර ලබාදීමට කටයුතු කරන බවත් ප්‍ර‍කාශ කළේය.
     
    සියලු බේදයන් නොසලකා හරිමින් එක රටක් වශයෙන් ගොඩනැඟීමට අවස්ථාව උදා වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේය.
     
    මේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමග උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් රැසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya