ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මැද පළාතේ පරිසර සත්කාරක වැඩසටහනක්

    නොවැම්බර් 01, 2016
    ජනාධිපතිතුමාගේ පුනරුදය පාරිසරික සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමිව උතුරු මැද පළාතේ පැවැත්වුනු පරිසර සත්කාරක වැඩසටහන උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හබරන නගර ආශ්‍රිතව පවත්වනු ලැබීය. 
    ව්‍යාපාරික ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති මෙම අත් පත්‍රිකා බෙදා හැරිමේ වැඩසටහනට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය හා අනෙකුත් රාජ්‍ය ආයතන වල සහභාගිත්වයෙන් හබරන රක්ෂිතයේ සිට මින්නේරිය දක්වා වු මාර්ගය දෙපස ප්ලාස්ටික්, පොලිතින්, ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය හා නොදිරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මහා ශ්‍රමදානයක්ද  පැවැත් වුනි. 
     
    උතුරු මැද පළාත් සෞඛ්‍ය දේශිය වෛද්‍ය හා පාරිසරික අමාත්‍ය කේ.එච්.නන්දසේන 
    මහතාගේද සහභාගිත්වයෙන් පැවති මෙම ශ්‍රමදානය සදහා සිවිල් ආරක්ෂක බලකායේ හයසීයක් පමණ පිරිසක් සහභාගීවුහ.
     
    මෙහිදි අදහස් දැක්වු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පරිසර සංරක්ෂණයේ දී කසල බැහැර කිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කටයුතු කල යුතු බවත් උතුරු මැද පළාතේ කසල ප්‍රතිචක්‍රිය කිරීම සදහා පොලිතින්, ප්ලාසිටික් ආදිය ජල වාෂ්ප බවට හැරවිය හැකි මැෂින් ලගදිම ස්ථාපිත කරනවා. එසේම අප ද්‍රව්‍ය සතුන්ට , වායු ගෝලයට හා  පරිසරයට හානි කරයි. මේ තත්වය මැනවින් තේරුම් ගෙන කටයුතු කල යුතුයි. එම නිසාම උතුරු මැද පළාතේ කසල ප්‍රතිචක්‍රිය කිරිම සදහා සක්‍රිය වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මකව පවතින බවද පැවසීය.
     
    මේ අවස්ථාවට මැති ඇමතිවරුන් ප්‍රමුඛ රාජ්‍ය හා ආරක්ෂක අංශ නියෝජිතයන් හා පරිසර හිතකාමීන් රැසක්ද සහභාගි වුහ.   
     
    AP/DMU-Polonnaruwa
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya