ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ පළතුරු ගස් කප්පාදු කිරීමේ නියුතුවූවන්ට උපකරණ

    නොවැම්බර් 03, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි ඵලදාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව , ක්ෂේත්‍රය පළතුරු ගස් කප්පාදු කිරීමේ නියුතු වූවන්ට කප්පාදු කිරීමේ උපකරණ කට්ටල බෙදා දීමක් පසුගියදා සිදු කෙරිණි. 
    හොරණ පිහිටි කෘෂි පුහුණු ආයතනයේ විධිමත් පුහුණුව ලැබූ මෙම ගස් කප්පාදු කිරීමේ නියුතුවූවන් සඳහා  මෙම කප්පාදු උපකරණ ලබා දීම සිදු කෙරන අතර, එක් උපකරණ කට්ටලයක් රුපියල් විසි දහසක් පමණ වටිනාකමකින් යුක්ත වේ. මෙම උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහන ආහාර සුරක්ෂිත ජාතික වැඩසටහනට සමගාමීව කෘෂිකර්ම අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරේ. මේ වන විට  කෑගල්ල දිස්ත්‍රික්කයේ  කප්පාදු කරන්නන් හැටදෙනෙක්ට පමණ දැනට මෙම උපකරණ කට්ටල ලබා දී ඇත. 
     
    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී  මෙම වැඩසටහන සංකේතවත් කරමින් දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා විසින් ගස් කප්පාදු කිරීමේ නියුතු වුවෙකුට කප්පාදු කිරීමේ උපකරණ කට්ටලයක් ලබා දුන් අතර කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර, දිස්ත්‍රික්  කෘෂිකර්ම අධ්‍යක්ෂක අමල් අරුණප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.  
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya