ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉරාන ආයෝජකයින්ට ඇරයුමක්

    නොවැම්බර් 04, 2016
    ශ්‍රී ලංකාව හා ඉරානය අතර ඍජු වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කිරීම දෙරටටම වාසිදායක ප්‍රතිපත්තියක් වනු ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
     
    ඉරානයේ සංචාරයක නිරත දයා ගමගේ මහතා ඇතුළු ධූත පිරිස, ඉරාන රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අලි-අක්බර් මර්-ෆාර්ඩ් මහතා ඇතුළු පිරිසක් සමග ඊයේ (03) පැවති හමුවක දී අමාත්‍යතුමා මේ බව කියා සිටියේය.
     
    එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ, ඉරානය මේ වන විට භාවිත කරමින් සිටින තාක්ෂණය හා උපක්‍රමයන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ සංවර්ධනය වෙනුවෙන් උපයෝගී කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.
     
    එහිදී දයා ගමගේ මහතා, ඉරාන ආයෝජකයින්ට, කර්මාන්තකරුවන්ට, ආයෝජකයින්ට හා ඉරාන රජයේ ධූත මණ්ඩලවලට ආරාධනා කර සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හා ශ්‍රී ලංකාව සමග වෙළඳ සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. ඒ සඳහා මෙරටට පැමිණෙන ලෙස ද එතුමා එම පිරිසෙන් ඉල්ලීමක් කළේය.
     
    ආයෝජන සදහා ඉන්දියාවේ හා බංග්ලාදේශයේ ඇති අවස්ථාවන් හා ඉඩ ප්‍රස්ථාවන්ට වඩා හොඳ තත්ත්වයක් මේ වන විට ලංකාවේ නිර්මාණය වී ඇති බව ද එතුමා කියා සිටියේය.
     
    මෙහිදී අදහස් දැක්වූ ඉරාන රජයේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය මර්-ෆාර්ඩ් මහතා, ද්වීපාර්ශවීය සබදතා පුළුල් කරමින් වෙළඳ හා කාර්මික අංශයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු බව යෝජනා කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya