ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ ඩෙංගු ව්‍යාප්ත විමේ අවදානමක්

    නොවැම්බර් 07, 2016
    ඩෙංගු රෝග වාහක ඊඩිස් ඊජිප්ටායි මදුරු විශේෂය මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකින් හමුවීමත් සමග මාතලේ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය ව්‍යසනයක ආකාරයෙන් පැතිර යාමේ අවදානමක් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එම්.විජේකෝන් මහතා පවසයි . 
    ඊඩීස් ඊජිප්ටායි මදුරුවාට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරිමේ හැකියාවක් ඇති බැවින් මෙම අනතුර ඇගවීමට සිදුව තිබෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබේ . 
     
    දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග තත්ත්වය පිළිබදව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී අදහස් දක්වමින් මෙම අනතුරු ඇගවු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙම ව්‍යසනයෙන් මාතලේ ජනතාව මුදා ගැනීමට සෑම රාජ්‍ය ආයතනයක්ම සාමූහිකව ක්‍රියා කිරීමේ අවශ්‍යතතාවක් ඇති බවද පෙන්වා දුන්නේය .  
     
    මේ සදහා සෑම රජයේ කාර්යාලයකම ඩෙංගු රෝගය පිළිබදව වගකීමට හැකි නිලධාරියෙකු බැගින් පත් කිරිමේ අවශ්‍යතාවද විජේකෝන් මහතා පෙන්වා දුන් අතර ගතවු මාස 10 ට පමණක් මාතලේ දිස්ත්‍රික්කය තුළින් ඩෙංගු රෝගින් 925 දෙනෙකු  වාර්තාවුනු බවද පැවසීය . මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල , මාතලේ , රත්තතොට හා මාතලේ නගර සීමාවන්හි රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර නගර සභා සීමාවෙන් පමණක් රෝගින් 215 ක් වාර්තාවී ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය. 
     
    AP/DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya