ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පොලිස් ස්ථානවල විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පහසුකම්

    නොවැම්බර් 16, 2016
    දිවයින පුරා පිහිටි සියලු ම පොලිස් ස්ථානවෙත විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ප්‍ර වේශ වීමේ දී ඇතිවන බාධා ඉවත් කර 2017 වසර අවසන් වන විට එම ගොඩනැගිලි විධිමත් ප්‍ර වේශ මාර්ග ස්ථාපනය කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාම සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.
     
    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ මූලික අයිතීන් සුරක්ෂිත කරමින් ද, කාර්යක්ෂම සේවයක් සැපයීම අරමුණු කරගනිමින්ද ඔවුන් වෙත විධිමත් පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.
     
    එමෙන් ම මේ සම්බන්ධව පොලිස් ස්ථානවල වර්තමාන තත්ත්වය, ඉදිරි සැලසුම් සහ යෝජනා ඇතුළත් සවිස්තර වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයා වෙත වඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya