ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් මිලියන 22 ක පොහොර සහනාධාර මාතරට

    නොවැම්බර් 18, 2016
    රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙල අනුව මාතර දිස්ත්‍රික්කයේ පොල් වගා කරුවන් සඳහා පොහොර සහනාධාර වශයෙන් රුපියල් මිලියන 22 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කලමනාකරු ඒ.කේ.ජයසේකර මහතා පවසයි.
    පොල් වගාව සඳහා පොහොර සහනාධාරය ලබාගැනීමට නම් අවම පර්ච 20 ක පොල් ගස් 08 ක් තිබිය යුතු අතර උපරිම හෙක්ටාර දෙකකි (අක්කර 05). පොල් ගසකට රුපියල් 56 බැගින් සහනාධාර ලබා දේ. 
     
    මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පොල් වගා කරුවන්ගෙන් ලැබෙන ඉල්ලුම් පත්‍ර අනුව සහනාධාර ගෙවමින් පවතී. මීට පෙර වී වගාව සඳහා පොහොර සහනාධාර ලබාගන්නා ගොවියෙකුට වෙනත් භෝග වගාවන් සඳහා එම සහනාධාර මුදල් හිමි වූයේ නැත. එහෙත් ඒ සම්බන්ධව නිකුත් කරන ලද නව චක්‍රලේඛය අනුව වී, තේ, පොල්, රබර් හා වෙනත් ක්ෂේත්‍ර භෝග (අල, ලූනු, මිරිස්, සෝයා, බඩ ඉරිඟු) ආදී සෑම වගාවක් සඳහා ම ගැටළුවකින් තොරව පොහොර සහනාධාරය ලබාගත හැකි ය.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya