ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තංගල්ලේ පුරන් කුඹුරු අස්වද්දන්න වාරි ව්‍යාපෘතියක්

    නොවැම්බර් 21, 2016
    තංගල්ල ඇතුළු පුදේශ රැසක වගා කටයුතු සිදු කිරීමේදී ඇතිවන ජල හිඟය මඟ හැරීම සඳහා ඉදිරි අනාගතයේදී විසදුම් ලැබෙන බවත් ඒ සමඟම මේ ප්‍රදේශවල පානීය ජලය අඛණ්ඩව සැපයීම සඳහා හැකියාව ලැබෙන බවත් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතා පැවසීය. 
    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
     
    මේ සඳහා ගිං-නිල්වලා වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පාරිසරික ඇගයීම් වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට වාරි මාර්ග අමාත්‍යංශය සිදු කරමින් පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය.
     
    මෙහිදී කිරිදිඹය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පද්මසිරි ගාර්දියවසම් මහතා අදහස් දක්වමින් කුඹුරු කන්න දෙකම් වගා කිරීම ජලය නොමැති වීමෙන් විශාල කුඹුරු පුමාණයක් පුරන්වී ඇති බවත් මේවා අස්වැද්දීම සඳහා එකම විසදුම වන්නේ ගිං-නිල්වලා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම බවද පැවසීය.
     
    AP/DMU-Hambanthota
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya