ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව ජීවිත 2500ක් අහිමි වෙයි

    නොවැම්බර් 21, 2016
     
    ලංකාවේ හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගල ජීවිත 2500ක් පමණ අහිමි වන බවත් ඉන් බහුතරයක් අවුරුදු 15ත් 40ත් අතර රටේ ඵලදායි නිෂ්පාදක කණ්ඩායමට අයත් පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද 21) සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ පැවැති මාර්ග අනතුරුවලට ලක්වූවන් ස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට එක්වෙමිනි.
     
    එමෙන් ම දෛනිකව රෝහල්ගත වන පුද්ගලයන් වැඩි ප්‍රමාණයකට මාර්ග අනතුරු හේතුවක් වන බවත් මාර්ග පද්ධතියේ ඇති සංඥා වැනි සරල කරුණු මෙන් ම මාර්ග භාවිතයේ දී වන වැරදි අවම කිරීම තුළින් රිය අනතුරු අවමකරගත හැකි බවත් පෙන්වා දුන්නේය.
     
    පසුගිය වසරේ දී බස්නාහිර පළාතේ පාසල් වෑන් රථ රියදුරන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීම සිදු කළ බවත් එම වැඩපිළිවෙළ මෙම වර්ෂයේ දී ද දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක කරන බවත් පාලිත මහීපාල මහතා පෙන්වා දුන්නේය.
     
    ශ්‍රී ලංකා පොලීසිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව තුන්රෝද රථ රියදුරන්ට ප්‍රථමාධාර පුහුණුවක් ආරම්භ කොට ඇති බවත් ඉදිරියේ දී ලංකාව පුරා තුන්රෝද රථ පරීක්ෂා කිරීමට සැලසුම් කරමින් පවතින බවත් පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම වසරේ දී සෞඛ්‍ය සේවා ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 5500ක් රජයෙන් ලබාදී ඇති වැය කරන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    අධික වේගය, මාර්ග සලකුණු පිළිනොපැදීම, නොසැලකිල්ල වැනි හේතූවන් මාර්ග අනතුරු සඳහා බලපාන කරුණු වුවත් අනතුරක් සිදු වූ වහාම නිවැරදි මූලික ප්‍රථමාධාර නොලැබීම සහ වැරදි ලෙස ප්‍රථමාධාර ලැබීම හා ප්‍රවාහනය හේතුවෙන් ද හදිසි අනතුරුවලට භාජනය වන පුද්ගලයින් මිය යාමට මූලිකව හේතු වන බව ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරීන් පුෂ්පා රම්‍යාණිද සොයිසා මෙනවිය පැවසුවාය.
     
    මෙහිදි "මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළිබඳ ව අපේ වගකීම" මැයෙන් ශ්‍රී ලංකා පොලිස් මාර්ග අනතුරු ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ. කිත්සිරි කුමාර, "මාර්ග අනතුරු වළක්වාගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යභාරය"  මැයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ආර්.ඒ. සුදත් යන මහත්වරුන් විසින් ද ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya