ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර පළමු උදා ගම්මානය ජනතා අයිතියට

    නොවැම්බර් 24, 2016
    යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ නිවාස 26කින් සමන්විත තලාව, මොරගොඩ "දෙවනපෑතිස්ගම" උදාගම්මානය පසුගියදා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරිණි. 
     
    මෙම වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 15වැනි උදා ගම්මානය මෙය වුවද වත්මන් රජයේ නිවාස වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්වන පළමු උදා ගම්මානය වන්නේ මෙම ගම්මානයයි. 
     
    පසුගිය 2015 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උදා ගම්මාන 03ක් සහ 2016 වසරේ දී උදා ගම්මාන 23ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට තිබේ. 
     
    තමන් නිවාස අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව ලංකාවේ නිවාස අවශ්‍යතාවය පිළිබඳ ව සංගණනයක් සිදු කළ අතර මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක් අතුරින් 325ක නිවාස අවශ්‍යතාවය පිළිබඳ ව වාර්තා ලැබී ඇතැයි ද රටේ ජීවත්වන පවුල් ලක්ෂ 51අතුරින් පවුල් 25,36,000ක නිවාස අවශ්‍යතාවයක් පවතින බවත් මෙම උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya